Published
සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එක්ව කටයුතු කිරීමේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මේ වන විට බොහෝ දුරට එකඟතාවයකට පැමිණ ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසනවා.
තවත් කෙටි කාලයක් තුළ ඉතිරි වී ඇති කරුණු කිහිපයක් සම්බන්ධයෙන් දෙපාර්ශවයට එකඟාවයකට පැමිණීමට හැකි වනු ඇති බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.
නෙත් නිවුස් කළ කරුණු විමසීමකට ප්‍රතිචාර දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා මෙම අදහස් පළ කළා.
මේ අතර සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එක්ව කටයුතු කිරීමේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතාද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළා.




