කෝට්ටේ නගර සභාවට අයත් නිවාස කීපයක් විකුණා ඇති බවට සඳහන් කරමින් අද කෝට්ටේ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම් නායිකා හර්ෂණී සඳරුවනි අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා

කොමිසමට පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ
හර්ශනී සඳරුවනි සඳහන් කර සිටියේ 2014-15 කාලයේදී අංගම්පිටිය ප්‍රදේශයේ නිවාස විසිහතරක් ඉදිකර ඇති අතර ඒවා කුලී පදනම මත ජනතාවට ලබා දී තිබෙන බවයි

පසුව ඒවායින් කිහිපයක් විවිධ පුද්ගලයන් හට විකුණා ඇති බවද ඇය සඳහන් කර සිටියා

මේ පිළිබඳව නගර සභාවේ විවාදයක් සඳහා න්‍යාය පුස්තකයට ඇතුළත් කිරීමට යෝජනා කළත් වත්මන් නගරාධිපතිවරයාද මෙම ගනුදෙනුව වසන් කිරීමට කටයුතු කරනවා බවයි ඇය පවසා සිටියේ

එම නිසා අල්ලස් කොමිසමට මේ පිළිබඳව පැමිණිලි කළ බවයි ඇය පවසන්නේ