රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා තිබෙනවා.
ඊයේ පස්වරු 06ට පමණ එම බන්ධනාගාරයට රැගෙන ආ හිටපු අමාත්‍යවරයා ‘එම්’ වාට්ටුවේ රැඳවූ බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.
රිමාන්ඩ් කෙරෙන දේශපාලඥයින් සහ රජයේ සේවකයින් රඳවනු ලබන්නේ එම වාට්ටුවේ බවයි වාර්තා වුණේ.
ඒ, ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳ සැලකිල්ලට ගනිමින්.
මීට පෙර හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු දේශපාලඥයින් කිහිපදෙනෙකුම එම වාට්ටුවේ රඳවනු ලැබුවා.
කෙසේවෙතත් ඔවුන් කිසිවෙකුට විශේෂ වරප්‍රසාද ලබා නොදුන් බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.
මේ අතර රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු හිටපු අමාක්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා ඊයේ රාත්‍රියේ බන්ධනාගාර වෛද්‍යවරයෙකුගේ පරික්ෂාවකට ලක් කිරීමට නියමිතව තිබුණා.
අල්ලස් කොමිසම විසින් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ, 2014 වසරේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු ගොවීන් සඳහා සහනදායි මිල ගණන් යටතේ බෙදා දීමට රුපියල් මිලියන 25ක මුදලක් වැයකර මිලදී ගනු ලැබූ බඩ ඉරිඟු බීජ නීත්‍යානුකූල ක්‍රමවේදයට පටහැනිව එම වසරේ පැවති ජනාධිපතිවරණයේදී තමන්ට වාසියක් අත් කර ගැනීමේ අරමුණින් තම හිතවතුන්ට හා ආධාරකරුවන් අතර බෙදා හැරීම තුළින් දූෂණය නැමති වරද සිදු කළ බවට වූ චෝදනාවකට අදාළවයි.