රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතාට නිවසින් ආහාර ලබා ගැනීමට අවසර හිමිව තිබෙනවා.
ඒ ඔහුගේ පුත්‍රයා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් කළ ඉල්ලීමකට අනුවයි.
ඒ අනුව ඊයේ රාත්‍රියේ සිට ඔහුට නිවසින් ආහාර රැගෙන එන බවයි බන්ධනාගාර ආරංචි මාර්ග පැවසුවේ.
මීට පෙර ඔහුට නිවසින් ආහාර ලබා දීම සඳහා හිටපු අමාත්‍ය වරයාගේ ලේකම්වරයෙකු කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් ඉල්ලීමක් කර තිබුණ.
එහෙත් ඊට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් අවසර හිමි වූයේ නැහැ.
බන්ධනාගාර නීතියට අනුව යම් රැඳවියෙකුට නිවසින් ආහාර ලබා දෙන්නෙ නම් ඒ සඳහා අවසර ලබා ගත යුත්තේ ඔහුගේ පවුලේ සමීපතමයෙකු වනවා.
හිටපු අමාත්‍යවරයාගේ ලේකම්වරයා පවුලේ සමීපතමයෙකු නොවන නිසා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කල බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.
හිටපු අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා මේ වන විට රඳවා සිටින්නේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ ‘එම්’ වාට්ටුවේයි.
හිටපු ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා සහ ශ්‍රී ලංකා ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා රඳවා සිටින්නේද එම වාට්ටුවේයි.
මේ අතර හිටපු අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා ඔහු රඳවා සිටින ‘එම්’ වාට්ටුවෙන් පිටතට නොපැමිණ එම වාට්ටුව තුළම කාලය ගත කරන බවයි බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණ කළේ.
මේ අතර හිටපු අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතගෙ සුවදුක් විමසීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ඊයේ දිනයේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට පැමිණ තිබෙනවා. ඔහු ද මීට පෙර එම බන්ධනාගාරයේ එම් වාට්ටුවේ රඳවා සිටියා.
සිරදඬුවම් නියම වු හිටපු අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතාගේ බිරිඳ වැලිකඩ කාන්තා බන්ධනාගාරයේ ද, හිටපු අමාත්‍යවරයාගේ සහෝදරයා වන එස් එම් රන්ජිත් මහතා වැලිකඩ බන්ධනාගාරයේද රඳවා සිටිනවා.
සිරදඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු රදවා සිටින්නේ ද වැලිකඩ බන්ධනාගාරයේයි.