ඓතිහාසික ගැටබරු රාජමහා විහාරයේ වාර්ෂික ඇසළ මහා පෙරහැර මංගල්‍යය මෙවරද පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සංවිධාන කර තිබෙනවා.

ගැටබරු රාජමහා විහාරාධිපති දක්‍ෂිණ ලංකාවේ ද්විතීය සංඝනායක ආචාර්ය, පූජ්‍ය කිරින්දේ ආනන්ද ස්වාමීන් වහන්සේ සඳහන් කළේ එහි මූලික කටයුතු අද ආරම්භ කළ බවයි.

මෙවර ඓතිහාසික ගැටබරු රාජමහා විහාරයේ වාර්ෂික ඇසළ මහා පෙරහැර මංගල්‍යයට පැමිණෙන සැදැහැවතුන්ට ලබාදෙන පහසුකම් සම්බන්ධයෙන්ද උන්වහන්සේ කරුණු පැහැදිලි කළා.