ඓතිහාසික බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ මෙවර ඇසළ මහා මංගල්‍යයේ රන්දෝලි මහා පෙරහැර අද රාත්‍රියේ වීථි සංචාරය කෙරෙනවා.
ඒ අනුව මෙම පෙරහැර බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ දකුණු වාහල්කඩින් පිටත්ව බෙල්ලන්තර හන්දියෙන් කීල්ස් වටරවුම දක්වා ගමන් කර මාර්ග අංක 117 විහාර මාවත හන්දියෙන් විහාර මාවතට ගමන් කර මාර්ග අංක 119 විහාර මාවත දක්වා විහාරයේ දකුණු වාහල්කඩින් විහාරස්ථානය දක්වා පෙරහැර වීථි සංචාරය කිරීමට නියමියතයි.
පෙරහැර වීථි සංචාරය කෙරෙන කාලය තුළ අවට මාර්ගවල රථවාහන ගමනාගමනය සීමා කරන බවයි පොලීසිය පැවසුවේ.
ඒ අනුව කොහුවල, බොරලැස්ගමුව 120 මාර්ගයේ බොරලැස්ගමුව හන්දියෙන් හා පැපිලියාන හන්දියෙන් පෙරහැර වීථි සංචාරය කරනු ලබන මාර්ගය දෙසට රථවාහන සීමා කෙරෙනවා.
එමෙන්ම දෙහිවල දෙස සිට නැදිමාල හන්දිය හරහා බොරලැස්ගමුව හන්දිය දෙසට ධාවනය කරනු ලබන රථ වාහන නැදිමාල හන්දියෙන් ඇන්ඩර්සන් පාර හන්දියෙන් සීමා කර ඇන්ඩර්සන් පාර ඔස්සේ කොහුවල දෙසට යොමු කරන බවයි පොලීසිය පැවසුවේ.
ගල්කිස්ස දෙස සිට නුගේගොඩ දක්වා 117 මාර්ගය දෙසට ධාවනය කරනු ලබන වාහන බේකරි හන්දියෙන් ගාලු පාරට යොමු කෙරෙනවා.
මේ අතර බෙල්ලන්විල පෙරහැර වීදි සංචාරය කරන කාලය තුළ 119 මාර්ගයේ මාලනී බුලත්සිංහල හන්දිය, බෙල්ලන්තර හන්දිය, 117 මාර්ගයේ කීල්ස් වටරවුම සහ විහාර මාවත හන්දියෙන් සියලුම රථ වාහන ගමනාගමනය සීමා කෙරෙනවා.
මාර්ගයන්හි සිදු වන අපහසුතාව මඟහරවා ගනිමින් තමන්ට අවශ්‍ය ගමන් මාර්ගයන්ට පිවිසීමට පොලිස් රථවාහන නිලධාරීන්ගේ මඟපෙන්වීම මත කටයුතු කරන ලෙසටද පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියා.
Published