ඕස්ට්‍රේලියානු යොවුන් කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා 19න් පහළ කාන්තා කණ්ඩායම අතර පැවති දෙවන විස්සයි විස්ස තරඟයෙන් ලකුණු 29ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා. තරඟය රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර ඕවර 20 අවසානයේදි කඩුලු 9ක් දැවී ලකුණු 138ක් රැස් කළා. එහිදී ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායම වෙනුවෙන් සංජනා කාවින්දි පන්දු 19ක් තුළදී ලකුණු 24ක් ලබා ගත් අතර සහ රශ්මි නේත්‍රාංජලී පන්දු 17ක් තුළදී ලකුණු 24ක් ලබා ගත්තා. ජයග්‍රාහී ලකුණු 139ක ඉලක්කයක් හඹා ගිය ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමට නියමිත පන්දු වාර විස්ස අවසානයේදී කඩුලු 09ක් දැවී ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 109ක් පමණි. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අසේනි තලගුණේ ලකුණු 15කට කඩුලු 02ක් සහ ශෂිනි ගිම්හානි ලකුණු 17කට කඩුලු 02ක් දවා ගනිමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 109කට සීමා කිරීමට සමත් වුණා.
Published