Published
ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළ තීරයට ආසන්නව රික්ටර් මාපකයේ 4.9 ක භූමිකම්පාවක් සිදු වූ බව යුරෝපීය මධ්‍යධරණී භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානය පවසනවා බ්‍රිස්බේන් ප්‍රාන්ත අගනුවරට වයඹ දෙසින් කිලෝමීටර් 170 ක් පමණ දුරින් පිහිටි කිල්කිවියන් ග්‍රාමීය නගරය කේන්ද්‍රගත වී ඇති බවයි ඕස්ට්‍රේලියාවේ භූ විද්‍යා ආයතනය සඳහන් කර සිටියේ භූමිකම්පාව කිලෝමීටර 10 ක් ගැඹුරින් සිදුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මේ හේතුවෙන් එම ප්‍රදේශයේ ගොඩනැගිලි 11,000ක පමණ විදුලිය විසන්ධි වී ඇති බවද සඳහන් වනවා. ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයට බලපෑ භූමිකම්පාව රික්ටර් මාපකයේ 5.7 ක් වූ බව මීට පෙර ප්‍රකාශ කළේය. ක්වීන්ස්ලන්තයට බලපෑ භූමිකම්පාව හේතුවෙන් සුනාමි තර්ජනයක් නොමැති බව ඕස්ට්‍රේලියාවේ කාලගුණ අනාවැකි වෙබ් අඩවිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ.