Published
ඕස්ටේ්රලියාවේ සිඩ්නි නුවර බොන්ඩි නම් වෙරළාශ්‍රිතව අද දහවල් සිදුකළ සමූහ වෙඩි තැබිමෙන් මේ වන විට 11 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ ඒ අතර එක් වෙඩික්කරුවෙකු ද සිටින බවට ඕස්ටේ්රලියා පොලීසිය පවසා ඇති බවයි.
එම වෙඩි තැබීමෙන් පොලිස් නිලධාරින් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 29 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
වෙඩි තැබීට සම්බන්ධ එක් වෙඩික්කරුවෙකු ඕස්ටේ්රලියා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් වෙඩි තැබීම සිදු කරන අයුරු දැක්වෙන දර්ශන ද මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
කෙසේවෙතත් ඕස්ටේ්රලියානු බලධාරීන් ජනතාවට දැනුම්දී ඇත්තේ ආරක්ෂිත ස්ථානවලට වී සිටින ලෙසයි.




