Published
කඩුවෙල කොතලාවල කැකිලිවෙල පාර ප්රදේශයේ දී පොලීසිය විසින් සිදු කළ වෙඩි තැබීමකදී සැකකරුවෙකු තුවාල ලබා තිබෙනවා. වරෙන්තුවකට අදාළව සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු එම ප්රදේශයට ඊයේ රාත්රියේ ගිය බවයි කඩුවෙල පොලීසිය පැවසුවේ. එහිදී එම සැකකරු පොලිස් නිලධාරීන්ට තියුණු ආයුධයකින් පහර දීමට උත්සහ කර තිබෙනවා. එම අවස්ථාවේ දී පොලිස් නිලධාරීන් විසින් ආත්ම ආරක්ෂාව පිණිස සැකකරුට වෙඩි තබා ඇති බවයි වාර්තා වුණේ. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ සැකකරු මුල්ලේරියාව රෝහලට ඇතුලත් කර තිබෙනවා.