Published
කඳාන, පොදු වෙළඳසැල ආසන්නයේදී අද උදෑසන සිදු වූ වෙඩි තැබීමකින් තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කළ පුද්ගලයෙකු එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා.
එම වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ තවත් අයෙකු රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි පොලිස් මධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.
අද උදෑසන කඳාන පොදු වෙළඳසැල ආසන්නයේදී එම වෙඩි තැබීම සිදුව තිබෙනවා.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෝටර් රථයක සිටි පුද්ගලයින් දෙදෙනෙකුට එලෙස වෙඩි තබා පළාගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.
වෙඩි ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ 50 හැවිරිදි වියේ පසු වූ කඳාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.