Published
රටේ වර්තමාන දේශපාලන තත්ත්වය කණගාටුදායක බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. රටේ ජනතාව සිටින්නේ සතුටින් නොවන බවයි හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ. අද පෙරවරුවේ කොළඹදී පැවැති උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කර ඇති යෝජනාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී අදහක් දැක්වූවා.