Published
ෆුන් වොන්ග් සුළිකුණාටුව පිලිපීනයේ ගොඩබිම වෙතට කඩා වැදී තිබෙනවා.
කාලගුණ බලධාරීන් නිකුත් කළ නිවේදනයන්ට අනුව එම සුළි කුණාටුව එරටට කඩා වැදීමට පෙර ලක්ෂ 09කට අධික පිරිසක් බලපෑමට ලක්විය හැකි ප්‍රදේශවලින් ඉවත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
කෙසේවෙතත් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇති බවට එරටින් නිකුත් කළ අලුත්ම වාර්තාවල දැක්වෙනවා.
මීට දින කිහිපයකට පෙරද සුළි කුණාටුවක් හේතුවෙන් පිලිපීනයට දැඩි බලපෑම් එල්ල වුණා.
‘කල්මේගි’ නම් වුූ එම සුළි කුණාටුවෙන් පුද්ගලයින් 200කට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්‍ෂයට පත්වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.




