පුත්තලම සහ අනුරාධපුර මාර්ගයේ කලා ඔය ආශ්‍රිතව බස් රථයක සිරවී සිටි පිරිස බේරා ගැනීමෙ සදහා විශේෂ මෙහෙයුමක් ද ආරම්භ කර තිබෙනවා.

එහිදී එක් කාන්තාවක් සහ ළමුන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් 8දෙනෙකුබේරා ගැනීමට ත්‍රිකුණාමල නාවික හමුදා කඳවුරේ විශේෂ පුහුණුව ලත් නිලධාරීන් මේ වන විට සමත් වී තිබෙනවා.

ආරක්‍ෂක අණ නොතකා මගීන් 70ක් සමඟ ධාවනය කළ අදාළ බස් රථය කලා වැවේ පෙරළී ගොස් තිබුනා.

ඉන් අනතුරුව එහි සිටි මගීන් ඒ ආසන්නයේ පිහිටි නිවසක වහලය මත නැඟ තිබෙනවා.

එම පිරිස බේරා ගැනීම සඳහා ගුවන් හමුදාව විසින් එම් අයි 17 සහ බෙල් 212 හෙලිකොප්ටර් යානා දෙකක් යෙදවීමට සැලසුම් කළද පවතින තත්ත්වය හමුවේ එයද ව්‍යර්ථ වී තිබෙනවා.

පසුව එම මගීන් බේරා ගැනීම සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය එක්ව මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ මහතා පැවසුවේ.

පළමුව නාවික හමුදාවේ සහන කණ්ඩායමක් යොදවා ගලවා ගැනීමේ උත්සාහයක නිරත වුවද එය අසාර්ථක වී තිබුණා.

ඒ, පවතින අයහපත් කාලගුණය සහ සැඩ පහර නිසාවෙන්.

කෙසේවෙතත් පසුව නාවික හමුදාවේ ක්‍රියාකාරි යාත්‍රා බලගනය, ශ්‍රී ලංකා නාවික කිමිදුම් අංශය, විශේෂ යාත්‍රා බලගනය ආදීයෙන් සැදුම් ලත් අතිරේක භට පිරිස් මෙම මුදවා ගැනීම් සඳහා මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබුණා.

නෙත් නිවුස් මැදිහත් වීමෙන් ඊයේ රාත්‍රියේ එම බස් රථයේ සිටි මගියෙක් සම්බන්ධ කර ගත් අතර ඔහු තමන් මුහුණ දුන් අත්දැකීම පිළිබඳ අදහස් ප්‍රකාශ කලේ මෙලෙසයි.

මෙම පිරිස බේරා ගැනීම සදහා ඊයේ රාත්‍රියේද විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක වුණා.

එහෙත් පැවති අඳුරු ස්වභාවය හේතුවෙන් ජනතාව බේරා ගැනීමට නොහැකි වූ බවයි ආරක්ෂක අංශ පැවසුවේ.

ඒ අනුව අද උදෑසන සිට යළිත් එම මෙහෙයුමක් ආරම්භ කර තිබුනා