පුත්තලම සහ අනුරාධපුර මාර්ගයේ කලා ඔය ආශ්‍රිතව බස් රථයක සිරවී සිටි පුද්ගලයින් 67 දෙනා මුදා ගෙන අවසන් වී තිබෙනවා. එහිදී මුදාගත් පුද්ගලයින් මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

මෙම මෙහෙයුම සඳහා ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ විශේෂ පුහුණුව ලත් නිලධාරීන් 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් හා යාත්‍රා 05ක් යෙදවීමටයි කටයුතු කර තිබුණේ.

නෙත් නිවුස් මැදිහත් වීමෙන් ඊයේ රාත්‍රියේ එම බස් රථයේ සිටි මගියෙක් සම්බන්ධ කර ගැනීමෙන් අනතුරුවයි ඔවුන් මුදාගැනීමට කඩිනම් පියවර ගැණුනේ.

එම අවස්ථාවට මුහුණ දුන් අදාළ බස් රථයේ සිටි මගියෙකු ඔවුන් බේරා ගැනීමට මැදිහත් වීම සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත සිය ස්තුතිය පළකළා.