Published
කලා ඔය අනතුරට පත් වූ බස් රථයේ ආපදාවට පත් වූ පිරිසගෙන් මේ වන විට 40 දෙනෙකුට ආසන්න ගණනක් මුදාගෙන තිබෙනවා.
මුදා ගත් පිරිස අතර එක් කාන්තාවක් සහ ඇයගේ ළමුන් තිදෙනෙකු, යාපනය මහාධිකරණ විනිසුරු සහ විදේශීය කාන්තාවක්ද සිටිනවා
එම මුදා ගත් පිරිසේ ප්‍රතිකාර අවශ්‍යඅය කඩිනමින් රෝහල්ගත කරමින් පවතිනවා.
මේවන විට තත්ත්වය පාලනය කර ඇති බවයි ආරක්ෂක අංශ ප්‍රකාශ කරන්නේ.
අනුරාධපුර පුත්තලම පාරේ කලාවැව පාලම උඩ මගීන් 70 දෙනෙකු සමග බස් රථයක් ඊයේ (28) නතරවී තිබුණා.
ආරක්‍ෂක අණ නොතකා මගීන් 70ක් සමග ධාවනය කළ අදාළ බස් රථය කලා වැවේ පෙරළී ගොස් ඇති බවයි වාර්තා වුණේ.
ඉන් අනතුරුව එහි සිටි මගීන් ඒ ආසන්නයේ පිහිටි නිවසක වහලය මත නැඟ තිබුණා.
කලා ඔය අනතුරට පත් වූ බස් රථයේ රියදුරුට අපරික්‍ෂාකාරී ලෙස රිය ධාවනය සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව වැඩබලන පොලිස්පති සංජීව ධර්මරත්න මහතා පවසන්නේ




