රත්නපුර දිස්ත්රික්කයට ඇදහැලෙන අධික වර්ෂාව නිසා කළු ගඟේ සහ කළු ගඟේ අතු ගංඟාවක් වන වේ ගඟේ ජල මට්ටම ඉහළ නඟිමින් පවතින අතර කළු ගඟේ ජල මට්ටම ගංවතුර අවදානම් පළමු සිමාව ඉක්මවා ඇතැයි රත්නපුර වාරිමාර්ග කාර්යාලය පවසනවා.
එම නිසා කළු ගඟ සහ කළු ගඟේ අතු ගංඟා අවට සිටින ජනතාව ඒ පිළිබඳව අවධානයෙන් සිටීම ඉතාම වැදගත් බව රත්නපුර දිස්ත්රික් ආපදා කළමනාකරණ කාර්යාලය පවසන්නේ.
ඒ වගේම කළු ගඟේ ජල මට්ටම් පිළිබඳවද අවධානය යොමු කිරීමේ දී කළු ගඟේ සවිකර තිබෙන රත්නපුර, මුවගම ජල මාපකයට අනුව, ගං වතුර අනතුරු ඇඟවීමේ මට්ටම ලෙස සලකන්නේ මීටර් 5 කි, සුළු ගං වතුර තත්ත්වයක් ලෙස සලකන්නේ කළු ගඟේ ජල මට්මට මීටර් 7.5 වූ විටය, මහ ගං වතුර තත්ත්වයක් ලෙස සලකන්නේ මීටර් 9.5 වූ විටය, අති විශාල ගං වතුර තත්ත්වයක් ලෙස සලකන්නේ මීටර් 10.5 ක් වූ විටය. මේ වන විට සුළු ගංවතුර තත්ත්වයක් දක්වා කළු ගගේ ජල මට්ටම වැඩිවි තිබේ .
කළු ගගේ අතු ගංගාවන වේගග, හංගමු ගග දෙනවක ගගේද ජල මට්ටම වැඩිවි ඇත.
සිරිපා අඩවිය ආශ්රිතව ද මහවැසි නිසා කළු ගගේ ජල මට්ටම තවදුරටත් වැඩි වෙන බව වාරිමාර්ග කාර්යාලය පවසයි .




