කළුතර දිස්ත්‍රික්කයේ කළු ගඟ පිටාර තැන්නට අයත් පහත් බිම් ප්‍රදේශ වලට බලපා ඇති ගංවතුර තත්ත්වය ඉදිරියේදී සැලකිය යුතු ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසා සිටියේ කළුතර දිස්ත්‍රික්කයේ කළුතර, ඉංගිරිය, හොරණ, දොඩන්ගොඩ, මිල්ලනිය, බුලත්සිංහල, පාලින්දනුවර, මදුරාවල, අගලවත්ත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල ගංවතුර තත්ත්වය ඉදිරියේදී වර්ධනය විය හැකි බවයි

කළු ගඟ ද්‍රෝණිය තුළ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් නඩත්තු කරනු ලබන ජලමාපකවල වර්තමාන දත්තවිශ්ලේෂණය අනුව මෙම නිවේදනය නිකුත් කර තිබෙන්නේ

මෙම තත්ත්වය සම්බන්ධයෙන් දැඩි අවධානයකින් කටයුතු කරන ලෙස එම ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් සහ එම ප්‍රදේශ හරහා ගමන් ගන්නා රියදුරන් හා මගීන්ගෙන්ද ඉල්ලා සිටිනු ලැබේ.

මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස ආපදා කළමනා කරණ අංශ වලින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා