කළුතර උතුර, වාඩියමංකඩ ප්‍රදේශයේ වෙරළ තීරයේදී දියවැලකට හසුව මුහුදට ගසාගෙන යමින් සිටි විදෙස් ජාතිකයෙකු බේරාගෙන තිබෙනවා. ඒ, පොලිස් ජීවිතාරක්‍ෂක ඒකකයේ නිලධාරින් පිරිසක් විසින්. එලෙස අනතුරට පත්ව ඇත්තේ වයස අවුරුදු 43 ක් වූ රුසියානු ජාතිකයෙක්.

මේ අතර තලල්ල මුහුදු වෙරළේ දිය නාමින් සිටි තරුණයෙකු අතුරුදන්ව තිබෙනවා. ඔහු තවත් පුද්ගලයන් 5 දෙනෙකු සමග දිය නාමින් සිටියදි එලෙස අතුරුදන්ව ඇති බවයි පොලීසිය පැවසුවේ. එලෙස අතුරුදන්ව ඇත්තේ රංසෑගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.