Published
2025 අයි.සී.සී. කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ මෙරට පැවැත්වෙන පළමු තරඟය අද පස්වරුවේ ආරම්භ වනවා. කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී දිවා-රාත්‍රී තරඟයක් ලෙස පැවැත්වෙන මෙම තරඟයේදී බංග්ලාදේශය සහ පාකිස්තානය තරඟ වැඳීමට නියමිතයි. මෙම තරඟය මෙවර කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ තුන්වන තරඟය වනවා. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සම සත්කාරකත්වය දරන මෙම තරඟාවලිය පසුගිය 30 වනදා ආරම්භ වූ අතර පළමු තරඟ දෙක පැවැත් වුණේ ඉන්දියාවේදීයි.