කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන තරඟයක් අද පැවැත්වෙනවා. ඒ, ප්‍රබල ඕස්ටේ්‍රලියානු කණ්ඩායම සමගයි. තරඟය පැවැත්වෙන්නේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීයි. තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් සවස 03ට ආරම්භ වීමට නියමිතයි. ඉන්දියාවේ සිටි ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ටේ්‍රලියානු කණ්ඩායම මෙම තරඟයට සහභාගී වීම සඳහා ඊයේ පස්වරුවේ මෙරටට පැමිණියා. මෙවර එක්දින ලෝක කුලසාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරඟය ඉන්දියාව හමුවේ පරාජයට පත් වුණා. එහෙත් තමන් සහභාගී වු පළමු තරඟය ජය ගැනීමට ඕස්ටේ්‍රලියානු කණ්ඩායම සමත් වුණා. ඒ, නවසීලන්තය ලකුණු 89කින් පරාජයට පත් කරමින්. හෙට පැවැත්වෙන ඉන්දියා පකිස්ථාන කාන්තා ක්‍රිකට් තරඟය පැවැත්වෙන්නේ කොළඹදීයි.