තද සුළං සහ රළු මුහුද පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
ඒ, ඉදිරි පැය 24 දක්වා බලපැවැත්වෙන පරිදියි.
ඒ අනුව හලාවත සිට පුත්තලම හරහා මන්නාරම දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60ත් 70ත් දක්වා වැඩි වන බවයි එහි දැක්වෙන්නේ.
එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු විය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවා.
එමෙන්ම පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.5ත් – 3ත් අතර ඉහළ යා හැකියි.
මේ හේතුවෙන් එම ප්‍රදේශ හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
ඒ අනුව එම මුහුදු ප්‍රදේශවල යාත්‍රා නොකරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නාවික සහ ධීවර ප්‍රජාවට දැනුම්දුන්නේ.