කැනඩාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා තීරුබදු වැඩි කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
ඒ, ඔන්ටාරියෝ පළාතේ හිටපු ජනාධිපති රොනල්ඩ් රේගන් නිරූපණය කරන තීරුබදු විරෝධී දැන්වීමකට ප්‍රතිචාර දක්වමින්.
අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ 47 වන ආසියානු සමුළුවට සහභාගි වීම සඳහා මැලේසියාවට සංචාරය කරමින් සිටියදී සමාජ මාධ්‍ය තුළ සටහනක් තබමින්.
එම සටහනෙහි ඔහු සඳහන් කර ඇත්තේ ඔවුන්ගේ දැන්වීම වහාම ඉවත් කිරීමට හැකිව තිබුණත් එය වංචාවක් බව දැන දැනම, ලෝක තරඟාවලිය අතරතුර ඔවුන් එය ප්‍රදර්ශනය කිරීමට කටයුතු කළ බවයි.
මේ හේතුවෙන් කැනඩාවේ තීරුබදු ඔවුන් මේ වන විට ගෙවන මුදලට වඩා සියයට 10කින් වැඩි කරන බවයි එහි සඳහන් කර ඇත්තේ.
ඩොනල්ඩ් ට්‍රම්ප් කැනඩාව සමඟ වෙළඳ සාකච්ඡාවලින් ඉවත් වීමෙන් පසුව, ඔන්ටාරියෝ අගමැති ඩග් ෆෝඩ් සඳහන් කර සිටියේ එම දැන්වීම ඉවත් කරන බවයි.
ට්‍රම්ප් ප්‍රධාන වෙළඳ හවුල්කරුවන්ගෙන් භාණ්ඩ සඳහා දැඩි තීරුබදු අය කිරීමට උත්සාහ කිරීම ආරම්භ කළ දා සිට එක්සත් ජනපදය සමඟ ගිවිසුමකට එළඹ නැති එකම G7 රට කැනඩාවයි.
අමෙරිකාව දැනටමත් සියලුම කැනේඩියානු භාණ්ඩ සඳහා සියයට 35ක බද්දක් පනවා ඇති නමුත් බොහෝ භාණ්ඩ පවතින නිදහස් වෙළඳ ගිවිසුමක් යටතේ නිදහස් කර තිබෙනවා.
ලෝහ සඳහා සියයට 50ක සහ මෝටර් රථ සඳහා සියයට 25ක බද්දක් ඇතුළුව කැනේඩියානු භාණ්ඩ සඳහා අංශ විශේෂිත බදු ද පැනවීමටයි කටයුතු කර ඇත්තේ.
කැනේඩියානු අපනයනවලින් හතරෙන් තුනක්ම එක්සත් ජනපදයට විකුණනු ලබන අතර, ඔන්ටාරියෝ කැනඩාවේ මෝටර් රථ නිෂ්පාදනයෙන් වැඩි ප්‍රමාණයක් අමෙරිකාවට අපනයන කරනු ලබනවා.




