රුපියල් මිලියන 181 වටිනා හෂිෂ් තොගයක් සමඟ කැනේඩියානු කාන්තාවක් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද අලුයම ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ " හරිත මාවත " ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කිරිමෙදියි

ඇය 37 හැවිරිදි කැනඩා ජාතික කාන්තාවකි .

ඇය මෙම මත්ද්‍රව්‍ය තොගය කැනඩාවේ මොන්ට්‍රියල් නුවරින් රැගෙන කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ තිබේ.

ඉන්පසු එතැන් සිට ඇය කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 662 දරන ගුවන් යානයෙන් අද දින අලුයම 02.50 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඇය විසින් රැගෙන ආ ගමන් මලු තුළ මෙම " හෂීෂ් " මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 18 යි ග්‍රෑම් 123 ක ප්‍රමාණය සගවා ගෙන පැමිණ තිබු බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ.

මේ වනවිට මෙම කාන්තාව සහ ඇය විසින් රැගෙන ආ " හෂීෂ්" මත්ද්‍රව්‍ය තොගය මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබෙනවා.