අගෝස්තු 01 වනදා සිට කැනේඩියානු භාණ්ඩ සඳහා සියයට 35ක තීරුබදුවක් පනවන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අගවා තිබෙනවා.
ට්‍රම්ප් මෙම අදහස් පළ කර ඇත්තේ ඊයේ දිනයේ ලිපියකින් සහ කැනඩාවට අදාල නවතම තීරුබදු ප්‍රකාශයට පත් කරමින්.
අමෙරිකාව විසින් සියලුම කැනේඩියානු ආනයන සඳහා සියයට 25ක තීරුබදු දැනටමත් පනවා තිබෙනවා.
එහෙත් උතුරු අමෙරිකානු නිදහස් වෙළඳ ගිවිසුමකට අනුකූල වන භාණ්ඩ සඳහා තාවකාලිකව බදු නිදහස් කිරීමක් ලබාදී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඇලුමිනියම් සහ වානේ ආනයන සඳහා ගෝලීය වශයෙන් සියයට 50ක තීරුබදු පනවනු ලැබුවා.
එමෙන්ම අමෙරිකාවේ නිෂ්පාදනය කර නොමැති සියලුම මෝටර් රථ සහ ට්‍රක් රථ සඳහා සියයට 25ක තීරුබදු පැනවීමටයි තීරණය කර ඇත්තේ.
තඹ ආනයන සඳහා පැනවූ සියයට 50ක තීරුබදු ලබන මාසයේ සිට ක්‍රියාත්මක වීමට නියමිතයි.
කැනඩාව සිය නිෂ්පාදනවලින් හතරෙන් තුනක් පමණ අමෙරිකාවට අලෙවි කරන අතර මෝටර් රථ නිෂ්පාදනයේ සහ ලෝහ නිෂ්පාදනයේ ප්‍රධාන සැපයුම්කරුවෙකු වන්නේ ද කැනඩාවයි.