Published
අයවැය සම්බන්ධයෙන් විපක්ෂයේ කණ්ඩායම් පදනම් විරහිත චෝදනා එල්ල කරමින් සිටින බව ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී දේවානන්ද සුරවීර මහතා පවසනවා.
රජයේ ආයතන සඳහා වාහන 1,775ක් ගෙන්වීමට මෙවර අයවැයෙන් ඉදිරිපත් කර ඇති යෝජනාව සම්බන්ධයෙන් විපක්ෂය හිතාමතාම විකෘති අදහස් ඉදිරිපත් කරන බවයි මන්ත්රීවරයා පෙන්වා දුන්නේ.
මන්ත්රීවරුන්ට ලබාදෙන වාහන බලපත්රය අහෝසි කරන බවට ජාතික ජන බලවේගය ලබාදුන් පොරොන්දුව කිසිදු ආකාරයකින් උල්ලංඝණය වී නොමැති බවද පාර්ලිමේන්තු මන්ත්රී දේවානන්ද සුරවීර මහතා වැඩිදුරටත් සඳහන් කළා.




