Published
මේ වනවිට කැලණි ගඟේ, හංවැල්ල ජල මාපකයේ ජල මට්ටම සැලකිය යුතු ප්‍රමාණයකින් පහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමණාකරණ අධ්‍යක්ෂ එල්.එස් සූරියබන්ඩාර මහතා පවසා සිටියේ හංවැල්ල ජල මාපක අද පස්වරු 2.00ට සටහන්ව තිබූ ජල මට්ටම වන්නේ 8.94ක් වන අතර එය පස්වරු 3.00 වන විට 8.86ක් ලෙස සටහන්ව තිබු බවයි
මේ අතර නාගලගම්වීදිය ජල මාපකයේ ජල මට්ටම අද පස්වරු 2.00ට සටහන්ව තිබුණේ 8.45ක් ලෙස වන අතර එය පස්වරු 3.00 වනවිට 8.40ක් ලෙස සටහන්ව තිබු බවයි.




