Published
කැලණි ගඟේ ජල මට්ටම මේ වන විට සුළු ගංවතුර මට්ටමක් දක්වා පහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, කැලණි ගඟේ නාගලගම් වීදිය ජලමාපකයේ සහ හංවැල්ල ජලමාපකයේ ජල මට්ටම අඩු වී ඇති බවයි.
එමෙන්ම කළුගඟ, මල්වතු ඔය ඇතුළු ජලාශවල ද ජලමට්ටම් පහළ යමින් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ.
මල්වතු ඔයේ තන්තිරමලේ ජලමාපකයේ ජල මට්ටම මහා ගං වතුර මට්ටමේ සිට ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවා.




