කුලියාපිටිය, විලපොළ මංසන්ධියේ පල්ලෙවෙල පාලම මතදී සිදුවූ මාරක රිය අනතුරෙන් තුවාල ලැබූ දරුවන්ගේ සුවදුක් විමසීමට කාන්තා සහ ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන මහතා කුරුණෑගල ශික්ෂණ රෝහලට ගොස් තිබෙනවා. තුවාල ලැබූ එම දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය වෙනුවෙන් ගත හැකි ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදුන් බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. ඊයේ සිදු වූ එම අනතුරෙන් දරුවන් දෙදෙනෙකු සහ පාසල් වෑන් රථයේ රියදුරා ජීවිතක්ෂයට පත් වුණා. තවත් දරුවන් කිහිප දෙනෙකු ද තුවාල ලබා රෝහල්ගත කෙරුණා.