කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ සිසුවියකට නවක වදය ලබාදුන්නේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිසුන් සිව්දෙනා අද දින අධිකරණයට ඉදිරිපත් කරන බව පොලීසිය පවසනවා.

එම කාර්මික විද්‍යාලයේ තාක්ෂණ ඩිප්ලෝමා පාඨමාලාව හදාරන එම සිසුවිය නවක වද සිද්ධිය හේතුවෙන් සිත් තැවුලට පත්ව සියදිවි හානිකර ගැනීම සඳහා පසුගිය දෙවනදා කුලියාපිටිය ඩිපෝව අසල වැවට පැන තිබුණා.

කෙසේවෙතත් ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකු ඇය බේරාගෙන රෝහල්ගත කෙරුණා.

එලෙස සියදිවි හානිකර ගැනීමට තැත් කර ඇත්තේ වයස අවුරුදු 22ක් වූ වත්තේගම ප්‍රදේශයේ පදිංචි සිසුවියක්.

සිද්ධියට අදාළව කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් තිදෙනෙකු සහ සිසුවියක් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.

ඒ අනුව සැකකරුවන් අද කුලියාපිටිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.