Published
කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 05යි ග්‍රෑම් 154ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු ගොතටුව, මානිගමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, එම ජාවාරමෙන් උපයාගත් රුපියල් ලක්ෂයක මුදලක්ද සමගයි. පසුව සිදු කරන ලද වැඩිදුර විමර්ශනවලදී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 05යි ග්‍රෑම් 106ක් සන්තකයේ තබාගෙන කාර් රථයක් මගින් ප්‍රවාහනය කරමින් සිටි තවත් පුද්ගලයෙකු කඩුවෙල අධිවේගි මාර්ගයට ඇතුලුවන ස්ථානයේ දී අත්අඩංගුවට ගැණුනා. ඒ, එම ජාවාරමෙන් උපයාගත් රුපියල් එක් ලක්ෂ 50,000ක මුදලක්ද සමගයි. මෙම මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් ලක්ෂ 800ටත් වඩා වැඩි බවටයි අනාවරණ වී ඇත්තේ. දැනට බන්ධනාගාරගතව සිටින දෙමටගොඩ චමින්ද නැමැත්තාගේ ප්‍රධාන ගෝලයෙක් වන ‘චප්පා’ නැමති අයගෙන් මෙම මත්ද්‍රව්‍ය ලබාගත් බවටද වාර්තා පළ වනවා.