රාජ්‍ය සේවය ඵලදායි සහ කාර්යක්ෂම සේවයක් බවට පරිවර්තනය කිරීම වෙනුවෙන් කෘත්‍රිම බුද්ධිය භාවිතය පිළිබඳව රජයේ විධායක නිලධාරීන් උදෙසා සංවිධානය කළ විශේෂ වැඩමුළුවක් පවත්වා තිබෙනවා.

ඒ, රුහුණු විශ්වවිද්‍යාලයීය රවීන්ද්‍රනාත් තාගෝර් අනුස්මරණ ශ්‍රවණාගාරයේදීයි.

එය “්ස ෆෝ ට්‍රාන්ස්ෆෝමින් පබ්ලික් සර්විස්” යන මැයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ සහාය ඇතිව දකුණු පළාත් සභාව විසින් සංවිධානය කර තිබෙනවා.

එම වැඩමුළුවට ගාල්ල, මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල විධායක ශ්‍රේණියේ රාජ්‍ය නිලධාරීන් එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමේ රජයේ වැඩපිළිවෙළෙහි ආරම්භක ප්‍රවේශයක් ලෙස රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම සහ සුදානම් කිරීම, කෘත්‍රිම බුද්ධිය පිළිබඳව රාජ්‍ය සේවය තුළ ධනාත්මක ආකල්පයක් ඇති කිරීම යන අරමුණු ඇතිව එම වැඩමුළුව සංවිධානය කර තිබෙනවා.