අයවැය කාරක සභා අවස්ථා විවාදය අද පස්වන දිනටත් පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

අද විවාදයට ගැනීමට නියමිතව ඇත්තේ බලශක්ති අමාත්‍යංශයේ වැය ශීර්ෂයයි.

මේ අතර ඊයේ දිනයේදී රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සහ කම්කරු අමාත්‍යංශයට අයත් වැය ශීර්ෂයන් විවාදයට ගැනුණා.

එම විවාදයේදී මතුවූ ප්‍රධාන කරුණක් වූයේ පළාත් සභා ඡන්දය පැවැත්වීම පිළිබඳවයි.

මේ, එම විවාදයට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් මහතා.

 

විවාදයට එක්වූ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා ඊට ප්‍රතිචාර දැක්වූයේ මෙලෙසයි.