මෙරටින් පැන ගොස් සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කෙහෙල්බද්දර පද්මේ නමැත්තා බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා මහතාට දුරකතනය ඔස්සේ මරණ තර්ජන එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පැවසුවේ ලින්ටන් සිල්වා මහතා විසින් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයට ගොනු කළ පැමිණිල්ලක් අනුව එම විමර්ශනය සිදු කරන බවයි. කෙහෙල්බද්දර පද්මේ නැමැත්තා බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා මහතාට දුරකථනය ඔස්සේ තර්ජනය කර තිබුණේ පසුගිය ඉරිදා රාත්‍රියේයි. ඒ, කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාගේ ප්‍රධාන ගෝලයෙකු බව කියන “ගම්පහ දේවා” නමැත්තා කටුනායක ගුවන් තොටුපළේදී ගුවන් තොටුපොළ අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තු ඒකකයේ නිලධාරීන් විසින් පසුගිය ඉරිදා අත්අඩංගුවට ගැනීමෙන් පසුවයි. එම සිද්ධියෙන් පසු කෙහෙල්බද්දර පද්මේ නමැත්තා දුරකතනය ඔස්සේ ප්‍රධාන පොලිස් පරික්ෂක ලින්ටන් සිල්වා මහතාට දුරකතනය ඔස්සේ තර්ජනය කර තිබුණේ මෙලෙසයි.
“ගම්පහ දේවා” නැමැත්තා ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් පසුගිය ඉරිදා අත්අඩංගුවට ගෙන තිබුණේ තායිලන්තය වෙත පළා යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදීයි. ඔහු පසුගිය ඉරිදා උදෑසන තායිලන්තයේ බැංකොක් නුවර බලා ගමන් ගන්නා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකට පිවිසීම සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා. 39 හැවිරිදි දිසානායකගේ දේවාන්මිණි දිසානායක නැමති එම සැකකරු ගම්පහ ප්‍රදේශයේ මිනීමැරුම්, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු අපරාධ රාශියකටම චෝදනා ලබා ඇති පුද්ගලයෙකු බවයි පැවසෙන්නේ. සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කොළඹ උතුර අපරාධ කොට්ඨාසය මගින් සිදු කරනු ලබනවා. Published