Published
කේරළ ගංජා තොගයක් සමග සැකකරුවන් 05 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
ඒ, මන්නාරම වන්කාලෛ ප්රදේශය සහ යාපනය ඩෙල්ෆ්ට් දුපතට ඔබ්බෙන් වූ දේශීය ජල තීරයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදීයි.
එම මෙහෙයුමේදී කේරළ ගංජා කිලෝ ග්රෑම් 121කට අධික තොගයක් සොයා ගත් බවයි නාවික හමුදාව පැවසුවේ.
ඔවුන් යාත්රා කළ ඩිංගි යාත්රා දෙකද සිය භාරයට ගැනීමටයි නාවික හමුදාව කටයුතු කර ඇත්තේ.
එලෙස සොයා ගත් කේරළ ගංජා තොගයේ වටිනාකම රුපියල් මිලියන 27කට අධික බවට අනාවරණ වී තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 19, 26ත් 51ත් අතර වයස් වල පසුවන වන්කාලෛ, මාදම්පේ සහ කයිට්ස් යන ප්රදේශයන්හි පදිංචිකරුවන්.
එම සැකකරුවන් සහ කේරළ ගංජා තොගය වැඩිදුර විමර්ශන සඳහා ඩෙල්ෆ්ට් සහ වන්කාලෙයි පොලිස් ස්ථාන වෙත භාරදී තිබෙනවා.+





