Published
හැටන්, නුවරඑළිය ප්රධාන මාර්ගයේ කොටගල ඉන්ධන පිරවුම්හල ආසන්නයේදී අධික වේගයෙන් ධාවනය වූ යතුරුපැදි දෙකක් මුහුණට මුහුණලා ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
එම අනතුරෙන් බරපතල ලෙස තුවාල ලැබූ තිදෙනෙකු ප්රතිකාර සඳහා කොටගල ප්රාදේශිය රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි දිඹුලපතන පොලිසිය පැවසුවේ.
පසුව එම තුවාලකරුවන් දික්ඔය මූලික රෝහලවෙත මාරු කර යවා තිබෙනවා.
කොටගල සිට හැටන් දක්වා ධාවනය වූ යතුරුපැදියක් ඉදිරියෙන් එම දිසාවටම ධාවනය වූ ත්රීරෝද රථයක් පසු කර යෑමට උත්සහ කිරිමේදි හැටන් සිට තලවකැලේ දක්වා අධික වේගයෙන් ධාවනය වූ යතුරුපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.




