Published
කොටහේන, 16 වන පටුමග ප්‍රදේශයේදී පසුගිය 07 වනදා වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ අපරාධයට ආධාර අනුබල දුන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, කොළඹ දිසා අපරාධ කොට්ඨාසය හා යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින්.
අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ දිසා අපරාධ කොට්ඨාසය වෙත ඉදිරිපත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ.
සැකකරු 29 හැවිරිදි මානිප්පායි ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සැකකරු රැඳවුම් නියෝග යටතේ රඳවා ගනිමින් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.




