Published
කොළඹ, කොටුව, රේගු මූලස්ථානයේ 03 වන මහලේ තොරතුරු තාක්ෂණ අංශයේ තිබී ජීව උණ්ඩ දෙකක් සොයාගෙන තිබෙනවා. කොටුව පොලිසිය පැවසුවේ ටී-56 ජීව උණ්ඩයක් හා බෝර 12 වර්ගයේ ජීව උණ්ඩයක් එහි තිබී සොයාගත් බවයි. තොරතුරු තාක්ෂණ අංශයේ සහකාර රේගු නිලධාරීන්ගේ විවේක කාමරයේ තිබී එම ජීව උණ්ඩ සොයාගෙන තිබෙනවා. ඒ, රේගු මූලස්ථානයේ අධ්‍යක්ෂක ජනරාල්වරයා කොටුව පොලිස් ස්ථානයට ලබා දුන් දුරකථන ඇමතුමක් අනුව පොලිසිය විසින් එම ස්ථානයේ සිදුකළ පරික්ෂාවකදීයි. එම ජීව උණ්ඩ කවුරුන් විසින් රැගෙන ආවාද යන්න සොයා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණාගාර නිලධාරින්, ඇඟිලි සටහන් කාර්යාලයේ නිලධාරින් සහ නිල සුනඛ අංශයේ සහාය ඇතිව විමර්ශන කටයුතු සිදු කරන බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.



