කොත්මලේ,රම්බඩගම ගම්මානය මැද කොටස ආසන්නයේ නායයෑමක් සිදුව තිබෙනවා.

පුද්ගලයින් 50කට ආසන්න සංඛ්‍යාවක් එම නායයෑම හේතුවෙන් එම ස්ථානයේ සිරවී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ එම ස්ථානයට ළඟා වීම සම්පූර්ණයෙන්ම අවහිරවී තිබීම හේතුවෙන් ආපදා සහන කණ්ඩායම් කිසිවෙකු මේ වන තෙක් අදාළ ස්ථානයට ළඟා වී නොමැත.

එම ස්ථානයේ නායයෑම හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සිරුරු පවා ඇති අතර, ඒවා ඉවත් කිරීමට හෝ තුවාලකරුවන් රෝහල්ගත කිරීමට නොහැකිව ප්‍රදේශවාසීන් දැඩි අසීරුතාවයකට පත්ව ඇති බව

අවට ජනතාව මුදාගැනීමට කඩිනමින් අවශ්‍ය පියවර සකස් කර දෙන ලෙස එම ස්ථානයේ විපතට පත් ජනතාවගේ ඥාතීන් රජයෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර කොත්මලේ පූඬළුඔය අවට ගම්මාන සියල්ලකම පාරවල් නාය ගිහින් අවහිර වී තිබෙන බවයි වාරත් එන්නේ

කොත්මලේ නියම්ගම්දොර අඹතලාව (කර්නාගල) කන්ද නාය ගොස් ඇති අතර එහි සිටි ජනතාව පන්සලක රැඳී සිටින බවයි වාර්තා වන්නේ

කෙසේවෙතත් මේ වනවිටත් එම ප්‍රදේශයට විදුලිය නොමැති අතර, දුරකථන සංඥා සියල්ල ක්‍රියා විරහිත වී තිබෙනවා.