අනුරාධපුර මහ නගර සභාව යටතේ පාලනය වන කොන්ත්‍රාත් වැඩ බිමක සේවය කරන සේවකයෙකුට බීමතින් අනුරාධපුර මාකට් ප්‍රදේශයේදී පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ සර්වජන බලවේගය පක්ෂයේ නාගරික මන්ත්‍රීවරයෙකු සහ තවත් සැකකරුවෙකු ජනවාරි මස 6 වන දින දක්වා රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් දසුනි හපුආරච්චි මෙනවිය (24) නියෝග කර තිබෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමින් අතිරේක මහේස්ත්‍රාත්වරිය මෙසේ නියෝග කළා.
එසේ රිමාන්ඩ් භාරයට පත් කළේ අනුරාධපුර මහා නගර සභාවේ සර්වජන බලවේගය පක්ෂයේ එකම මන්ත්‍රීවරයා වන තිලක් නිශාන්ත ගිනිගේ සහ ජිවන් බණ්ඩාර සමරකෝන් නැමති සැකකරුවන්ය.
අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නඩු කටයුතු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කරුණානන්ද වන්නිනායක උප පොලිස් පරීක්ෂක නන්දසේන සහ සැරයන් ඉලංගසිංහ යන මහත්වරු සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු කී අතර, සැකකරුවන් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ චන්දන වීරකෝන් මහතාත් අගතියට පත් පාර්ශවයේ අයිතිවාසිකම් වෙනුවෙන් නීතිඥවරුන් වන සංජය රත්නායක සහ ප්‍රදීප් දිසානායක යන මහත්වරුන් පෙනී සිටියා.




