නුගේගොඩ , කොහුවල ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා

නුගේගොඩ සිට කොහුවල දෙසට ත්‍රීරෝද රථයක ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ඉලක්ක කර යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සිදුකර ඇති බවයි පොලිසිය පැවසුවේ.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු මේ වනවිට කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබෙනවා

ගල්කිස්ස කොට්ඨාස විමර්ශන ඒකකයේ නිලධාරීන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා,