කොළඹ දිස්ත්‍රික්කයේ ගංවතුර පාලනය කිරීම සඳහා පොදු සැලැස්මක් සකස් කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනෙවිය පවසනවා.

කොළඹ දිස්ත්‍රික්කය තුළ අනවසර ඉදිකිරීම් සඳහා මින් ඉදිරියට ඉඩ ලබා නොදෙන බවයි අග්‍රාමාත්‍යවරිය කියා සිටියේ.

කොළඹ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළා.