කොළඹ කොටස් වෙළෙඳපොළ සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ වටිනාකම අද රුපියල් ටි්‍රලියන අටේ සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ, මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ සුවිශේෂී කඩඉමක් පසුකරමින්.

මේ අතර අද දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු‍ කොටස් මිල දර්ශකයේ අගය ඒකක 22,372. 5 7ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ, සියලු‍ කොටස් මිල දර්ශකයේ ඉහළම අගයේ වාර්තාව යළිත් වරක් අලු‍ත් කරමින්.

එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 51.49ක ඉහළ යාමක් ලෙසටයි වාර්තා වන්නේ.