“2025 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය” අද පෙරවරුවේ ආරම්භ වුණා. ඒ, කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්රයේදීයි. ශ්‍රී ලංකා පොත් ප්රකාශකයින්ගේ සංගමය සංවිධානය කරන එම පොත් ප්‍රදර්ශනය ලබන ඔක්තෝම්බර් මස 06 වනදා දක්වා පෙරවරු 09.00 සිට රාත්‍රී 09.00 තෙක් පැවැත්වෙනවා. පොත් ප්‍රදර්ශන පරිශ්‍රයේ නෙත් එෆ් එම් විශේෂ කුටියක් මෙවර ද ස්ථාපිත කර තිබෙනවා. ආර්ථික අපහසුතා ඇති පාසල් දරු දැරියන් වෙනුවෙන් නොමිලේ පොත් ප්රදානය කිරීම සඳහා ඇරඹි “පොත් කැටය” නෙත් එෆ් එම් සමාජ සත්කාරක වැඩසටහන මෙවර ද ක්‍රියාත්මකයි. ඒ අනුව පොත් මිලදී ගන්නා ඔබට ද ආර්ථික අපහසුතා ඇති පාසල් දරු දැරියන් වෙනුවෙන් පොතක් පොත් කැටය වෙත පරිත්‍යාග කිරීමට අවස්ථාව පවතිනවා. වසර ගණනාවක් පුරා නෙත් එෆ් එම් රේඩියෝව ක්‍රියාත්මක කරන එම සමාජ සත්කාරක වැඩසටහන සම්බන්ධයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ ස්ථාපිත නෙත් එෆ් එම් කුටිය වෙත පැමිණි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙලෙස අදහස් පළ කළා.
මෙවර ද ක්‍රියාත්මක පොත් කැටය සම්බන්ධයෙන් සම්පත් බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යධිකාරි තාරක රන්වල මහතා ද අදහස් පළ කළා. 2025 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සඳහා මෙවරද නිල ගුවන්විදුලි මාධ්‍ය අනුග්‍රහය දක්වන්නේ නෙත් එෆ් එම් රේඩියෝවයි. Published