කොළඹ ප්රදේශ කිහිපයකට ලබන 18 වනදා පැය 09ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.
එම මණ්ඩලය සඳහන් කළේ අඹතලේ ජල පවිත්රාගාරයට ජලය ලබා ගන්නා ප්රධාන තුළුමුව පොම්පාගාරයට සැපයෙන විදුලිය අත්හිටුවීමට සිදුවන බැවින්, අඹතලේ ජල පවිත්රාගාරය මඟින් සැපයෙන ජලය එලෙස අත්හිටුවීමට සිදුව ඇති බවයි.
ඒ අනුව ලබන 18 වනදා පෙරවරු 10.00 සිට පස්වරු 07.00 දක්වා කාලය තුළ එලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති. කොළඹ 01 සිට කොළඹ 15 දක්වා ප්රදේශවලට එලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසුවේ.
බත්තරමුල්ල, පැලවත්ත, හෝකන්දර, කොස්වත්ත, තලවතුගොඩ, කෝට්ටේ, රාජගිරිය, මිරිහාන, මාදිවෙල, නුගේගොඩ හා නාවල එලෙස ජල සැපයුම අත්හිටුවන ප්රදේශ වනවා.
කොලොන්නාව, IDH, කොටිකාවත්ත, අංගොඩ, වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත, මහරගම, බොරලැස්ගමුව, දෙහිවල, රත්මලාන හා මොරටුව යන ප්රදේශවලට ද ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.




