UPDATE

කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගය එක් මන් තීරුවක් විවෘත වෙයි.


පවතින වර්ෂාව සමඟ අද 24 සවස කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයට හල්දුම්මුල්ල නගරයට නුදුරු කදිරියේෂන් ඇල්ල ආසන්නයේදී විශාල ගල්කුළු සමග පස් කන්දක් කඩා වැටී එම මාර්ගය මුළුමනින්ම අවහිර වී ඇතැයි හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කේ ඒ ජී පියංගිකා මහත්මිය පැවසුවා.

ඉතා ප්‍රපාතාකාර බෑවුම් සහිත මුදුනක සිට මෙම පස් කඳු ගල් පෙරළී ඇති බැවින් මාර්ගය මතට පතිත වී තිබෙන සුන් බුන් සම්පූර්ණයෙන්ම එකවර ඉවත් කිරීම අවධානම් බව පෙනී යන බැවින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිර්දේශ අනුව කටයුතු කළ යුතුව ඇතැයි ද ප්‍රාදේශීය ලේකම්වරිය පවසා තිබෙනවා.

මේ අතර එම මාර්ගය අවහිර වූ විට විකල්ප මාර්ගයක් ලෙස භාවිතා කරන හල්දුම්මුල්ල සොර ගුණේ කිරවණාගම හරහා බෙරගලට වැටෙන මාර්ගයද පස් කඳු කඩා වැටී සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බවද ප්‍රාදේශීය ලේකම්වරිය සඳහන් කළා.

මේ නිසා කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය හල්දුමුල්ල ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති බවද පොලිසිය සඳහන් සඳහන් කර සිටියා.

මාර්ග අවහිරතාවය ඉවත් කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට මාර්ග සංවර්ධන අධිකාරිය බැකෝ යන්ත්‍ර යොදාගෙන මේ වන විට පියවර ගෙන තිබෙනවා.