කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවීම සඳහා ස්වාධීන කණ්ඩායම් සහ වෙනත් දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරුන්ගේ සහය ලබා ගත්තද ඔවුන්ට මුදල් හෝ කිසිදු වරප්‍රසාදයක් සිය පක්ෂයෙන් හිමි නොවන බව ජාතික ජන බලවේගය යළි අවධාරණය කරනවා.

අදාළ මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා සිදු කළ ද එහිදී අවධානය යොමු කෙරුණේ ඔවුන්ගේ එකඟතාව සහ සහය ලබා ගැනීම පමණක් බවයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියාරච්චි මහතා නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ.

කෙසේවෙතත් සමගි ජන බලවේගය පවසන්නේ කොළඹ මහනගර සභාවේ බලය සිය පක්ෂය පිහිටුවන බවයි.

ඒ සඳහා දේශපාලන පක්ෂ මෙන්ම ස්වාධීන කණ්ඩායම්වල ඇතැම් මන්ත්‍රීවරුන් සමග සිදු කළ සාකච්ඡාවලදී සිය පක්ෂයට සහය දැක්වීමට ඔවුන් එකඟතාව පළ කළ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසුවේ.