දූෂණ චෝදනා සහ මත්ද්‍රව්‍යවලට සම්බන්ධ සියලු පුද්ගලයන්ට පක්ෂ පාට භේදයකින් තොරව කටයුතු කරන බව මහජන ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසනවා.

එමෙන්ම පසුගිය කාලයේදී ඇතැම් දේශපාලකයින්ට දූෂණ චෝදනා එල්ල වීම හේතුවෙන් අතරමඟ නවතා දමා තිබූ පරික්‍ෂණද මේ වන විට යළි ආරම්භ කර ඇති බවයි නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.