ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව එල්ල වන ආණ්ඩුවේ ක්‍රියාමාර්ගවලට එරෙහිව එක්ව කටයුතු කිරීමට විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ එකඟතාවකට පැමිණ ඇති බව සමගි ජන බලවේගයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසනවා. කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ පැවති විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයන්ගේ සාකච්ඡාවේදී ඒ සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණි බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා නෙත් නිවුස් වෙත කියා සිටියේ.

රනිල් වික්‍රමසිංහ මහතාට සහය දක්වමින් අද කොළඹදී පැවැත්වීමට නියමිත වැඩසටහන සම්බන්ධයෙන්ද පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා මෙහිදි අදහස් පළ කළා. දූෂණවලට එරෙහිව කටයුතු කරන මුවාවෙන් දේශපාලන පක්ෂ මර්දනය කිරීමට ඉඩ ලබාදිය නොහැකි බවයි එක්සත් ජාතික පක්ෂයේ උප නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේ.