Published
ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ඉෂාරා සෙව්වන්දි, දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දී තිබෙනවා.
පොලීසිය සිදු කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව එම අවසරය ලබා දී ඇත්තේ ආරක්ෂක අමාත්‍යංශය විසින්.
මේ අතර ඉෂාරා සෙව්වන්දි භාවිත කළ ජංගම දුරකතනය ගම්පහ ප්‍රදේශයේ වළදමා තිබියදී සොයා ගනු ලැබුවා.
ඒ, කොළඹ අපරාධ කොට්ඨාසය මගින් ඇයගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරුවලට අනුවයි.